පුවත්

සෙලාන් බැංකුවේ ජංගම බැංකුකරණ යෙදවුම තවදුරටත් වැඩිදියුණු කෙරේ

සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, තම ගනුදෙනුකරුවන්ට වැඩි පහසුවක් හා ආරක්ෂාවක් ලැබෙන ආකාරයට තම ජංගම දුරකථන සේවා යෙදවුම (Mobile Banking App) වැඩිදියුණු කිරීමට පියවර ගෙන තිබේ. රටේ පවතින නොයෙකුත් ගැටලු නිසා ප්‍රවාහනයට දැඩි ලෙස බාධා එල්ල වී ඇති පසුබිමක් තුළ, මෙම වැඩිදියුණු කළ ජංගම දුරකථන යෙදවුම බොහෝ දෙනෙකුට තම එදිනෙදා බැංකු සේවා අවශ්‍යතාවන් සපුරා ගැනීම සඳහා අගනා විසඳුමක් වනු ඇත.

ගනුදෙනුකරුවන්ට වැඩි පහසුවක් අත්වන පරිදි මෙම යෙදවුමෙහි පරිශීලක අතුරු මුහුණත (User Interface) ද වැඩිදියුණු කර ඇති අතර, තොරතුරු වල ආරක්ෂාව සඳහා එයට ඇඟිලි සලකුණු සහ මුහුණ හඳුනා ගැනීමේ තාක්ෂණයන් (Fingerprint and Face Identification) යොදා ඇත. එමෙන්ම ගනුදෙනුකරුවන්ට දැන් යෙදුම තුළදීම නව මුරපදය (Passwords) සකස් කරගැනීමේ අවස්ථාව ලබා දී තිබේ. තවද මෙම යෙදුම භාවිතා කරමින් ජංගම ගිණුම්, ඉතුරුම් ගිණුම් සහ ස්ථාවර තැන්පතු ආරම්භ කළ හැකි නිසා, ඒ සඳහා තවදුරටත් බැංකු ශාඛා වෙත පැමිණීම අවශ්‍ය නොවේ. මීට අමතරව සෙලාන් බැංකුවේ ශාඛා, ATM යන්ත්‍ර, මුදල් තැන්පත් කිරීමේ යන්ත්‍ර සහ චෙක් තැන්පත් කිරීමේ යන්ත්‍ර ඇති ස්ථාන වඩාත් පහසුවෙන් සොයාගැනීමේ ක්‍රමවේදයක්ද මීට ඇතුළත් කර ඇත.

“අමතර විශේෂාංග සහ වැඩි ආරක්ෂාවක් සමගින් ගනුදෙනුකරුවන්ට වඩාත් හොඳ අත්දැකීමක් ලබාදීම සඳහා අප සෙලාන් බැංකුවේ ජංගම දුරකථන බැංකුකරණ යෙදවුම වැඩිදියුණු කළා. අප කාටත් අභියෝග රැසකට මුහුණ දීමට සිදු වී ඇති අද දවසේ, බැංකු ගනුදෙනු සම්බන්ධයෙන් ගනුදෙනුකරුවන්ට එල්ලවන පීඩනය අවම කිරීමට මේ යෙදවුම උපකාරී වේවි. සෙලාන් බැංකුව යනු සෑම විටම ගනුදෙනුකරුවන්ට මුල්තැන දෙන බැංකුවක්. ඔවුන්ගේ අදහස් හා යෝජනා අනුව අපගේ සේවාවන් වැඩිදියුණු කිරීමට අප නිරන්තරයෙන් කටයුතු කරනවා. ක්‍රම කිහිපයක් ඔස්සේ පිරිනමන අපගේ ඩිජිටල් සේවාවන්, කිසිදු භේදයකින් තොරව ඕනෑම ගනුදෙනුකරුවකුට පහසු හා සුරක්ෂිත ලෙස ලබාගැනීමට අවස්ථාව සලසා දීම අපගේ අරමුණයි.” සෙලාන් බැංකුවේ ඩිජිටල් බැංකුකරණ අංශ ප්‍රධානී චමින්ද සෙනෙවිරත්න මහතා පැවසී ය.

සෙලාන් බැංකුවේ ජංගම බැංකුකරණ සේවා යෙදුම භාවිතයෙන් ගනුදෙනුකරුවන්ට තම මුදල් ගනුදෙනු ඉතිහාසය පරීක්ෂා කිරීම, නැති වූ හෝ සොරාගත් කාඩ්පත් පිළිබඳව වාර්තා කිරීම, අනාගත ගෙවීම් සඳහා එම ගෙවීම් ලැබිය යුත්තන් නම්කිරීම, ගිණුම් සඳහා විකල්ප නාමයන් නිර්මාණය කිරීම ඇතුළු තවත් බොහෝ සේවාවන් ලබාගත හැකි වේ. එමෙන්ම තමන් සතු ස්ථාවර තැන්පතු සහ ලබාගත් ණය පිළිබඳ තොරතුරු පරීක්ෂා කිරීමත්, පොලී අනුපාතයන් ගණනය කිරීමත් මෙමගින් සිදුකළ හැක.

“ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතාවන් නිවැරදිව සපුරාලන ආකාරයට සේවාවන් ලබාදීම යනු සෙලාන් බැංකුව සෑම විටම ප්‍රමුඛත්වය ලබාදෙන දෙයක්. අපගේ සේවාවන් වඩාත් පහසුවෙන්, කාර්යක්ෂම හා සුරක්ෂිත ලෙස ලබාදිය හැකි ක්‍රමවේදයන් පිළිබඳ අප නිරන්තරයෙන් සොයා බලනවා. සෙලාන් බැංකුවේ ජංගම දුරකථන යෙදවුම වැඩිදියුණු කිරීම යනු, ගනුදෙනුකරුවන්ට දවසේ පැය විසි හතර පුරා කිසිදු ගැටලුවකින් තොරව බැංකු සේවාවන් ලබාගැනීමට අවස්ථාව සලසා දීම සඳහා අප ගත් වැදගත් පියවරක්.” සෙලාන් බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරී (අලෙවි හා විකුණුම්) ගමික ද සිල්වා මහතා පැවසී ය.

දැනටමත් සෙලාන් බැංකුවේ ජංගම බැංකුකරණ සේවාව භාවිතා කරන ගනුදෙනුකරුවන්ට, වඩාත් පහසු හා සුරක්ෂිත අත්දැකීමක් සඳහා Google Play Store හෝ Apple App Store වෙත පිවිසී එම යෙදවුම යාවත්කාලීන කරගත හැකි වේ.

Related posts
පුවත්

ශ‍්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් සංවිධානය කරන ලද Brand Week 2023 හි නිල බැංකු සහකරු ලෙස HNB එක් වෙයි

නැගී එන අලෙවිකරුවන්ට අත්වැලක් වෙමින්…
Read more
පුවත්

75 වැනි නිදහස සනිටුහන් කරමින් සියලුම ශ්‍රී ලාංකිකයන්ට හච් ‘කතා නිදහස’ මඟින් සහන පිරිනමයි

ශ්‍රී ලංකාව තුළ වසර 25ක් සිය අඛණ්ඩ…
Read more
අලූත් යමක්පුවත්

ඉහළ යන බිත්තර මිලට තිරසාර විසඳුමක් ලබාදෙන්න

රුපියල ශීඝ‍්‍ර ලෙස අවප‍්‍රමාණය වීම…
Read more

Leave a Reply

Your email address will not be published. Required fields are marked *