පුවත්

සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් වෙතින් කාන්තාවන්ට සුවිශේෂ රක්ෂණාවරණයක්

මාර්තු මස 8 වැනි දිනට යෙදුණු කාන්තා දිනය නිමිත්තෙන් සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් කාන්තාවන්ටම සුවිශේෂ වූ “ළබැඳි රන් වාසි” රක්ෂණාවරණය වෙළෙඳපොළට හඳුන්වා දුන්නේය. මෙම රක්ෂණාවරණය යටතේ කාන්තාවන්ට රැකවරණය සමඟ කල් පිරීමේදී ඉතුරුම් අරමුදලක්ද හිමි වේ. කල් පිරීමේදී ඉතුරුම් අරමුදලක් රහිතව ඉහත අවස්ථාවට වඩා අවම වාරිකයක් යටතේ මෙම රක්ෂණාවරණය ගැනීමට හැකිය.

ජීවිතයට වඩාත්ම වැදගත් වන ජීවිත රක්ෂණ ප්‍රතිලාභ සමඟ හදිසි අනතුරු මරණ ප්‍රතිලාභ, පූර්ණ සදාකාලික අකර්මණ්‍යතා ප්‍රතිලාභ, අර්ධ සදාකාලික අකර්මණ්‍යතා ප්‍රතිලාභ, අසාධ්‍ය රෝග ප්‍රතිලාභ, රෝහල් දීමනා ප්‍රතිලාභ සහ අවමංගල්‍යය වියදම් ප්‍රතිලාභ ඇතුළු අමතර ප්‍රතිලාභ රැසක් කාන්තාවන්ට මෙම රක්ෂණාවරණය හරහා හිමි කර ගත හැකිය. මෙම රක්ෂණාවරණයේ විශේෂත්වය වන්නේ මාසිකව හා කල් පිරීමේදී විශේෂ දීමනා සහ ප්‍රතිලාභ හිමි වීමයි. ඒ අනුව මාසික දිනුම් ඇදීමෙන් වටිනා රන් පෙන්ඩන්, ප්‍රවර්ධන කාල සීමාව අවසානයේ දිනුම් ඇදීමෙන් රන් පවුම්, රන් පෙන්ඩන් හා රන් කරාබු දිනා ගැනීමේ අවස්ථා සහ සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් වෙතින් නිවාස හා ගොඩනැගිලි රක්ෂණ සඳහා සුවිශේෂ වට්ටම් හිමි කර ගැනීමේ අවස්ථා උදා වේ. දිවයිනේ ශීඝ්‍රයෙන් වර්ධනය වන ජීවිත රක්ෂණ සමාගම ලෙස විවිධ දෙස් විදෙස් සම්මාන රාශියක් දිනා ගනිමින් සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සමාගම රක්ෂණ ක්ෂේත්‍රයේ දැවැන්ත වෙනස්කම් රැසක් සිදු කරමින් ශ්‍රී ලාංකේය ජනතාවගේ රක්ෂණ අවශ්‍යතා වෙනුවෙන් නිරන්තරයෙන් ඇප කැප වී ක්‍රියා කරයි.

Related posts
පුවත්

සූර්යා හඳුන්කූරු ගුත්තිල සිනමා පටය සමග අත්වැල් බැඳගනී

ශ්‍රී ලංකාවේ කාගේත් විශ්වාසය හා ආදරය…
Read more
පුවත්

‘ඇය සුරකින AIA’ මිලියන භාගයකට අධික කාන්තාවන් පිරිසක් සවිබල ගන්වමින් පළමු සංවත්සරය සමරයි!

AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම, IFC-DFAT Women In Work…
Read more
පුවත්

SME අංශයට සහාය වීමට සහ සුවිශේෂී ලීසිං පහසුකම් ලබා දීම හරහා ස්වයං රැකියා අවස්ථාවන් සැපයීමට HNB, Lanka Ashok Leyland සමඟ එක් වෙයි

පාරිභෝගිකයින්ට ලංකා අශෝක් ලේලන්ඞ්…
Read more

Leave a Reply

Your email address will not be published. Required fields are marked *