පුවත්

කළුබෝවිටියාන සමාගම අමු තේ දළු කිලෝවකට රුපියල් 432.82ක වාර්තා ගත ඉහළ මිලක්

මේ වසරේ පළමු කාර්තුවේදී රැපියල් මිලියන 583 ක ආදායමක් සහ රුපියල් මිලියන 222ක ශුද්ධ ලාභයක් වාර්තා කිරීමට සී/ස කළුබෝවිටියාන තේ කර්මාන්තශාලා සමාගම සමත්ව තිබේ. එමෙන්ම කළුබෝවිටියාන කම්හලට ඉතා උසස් තත්ත්වයෙන් යුත් (Low-grown) CTC තේ සපයන කුඩා තේ වතු හිමියන්ට අමු තේ දළු කිලෝවක් සඳහා රුපියල් 432.82 ක වාර්තා ගත ඉහළ මිලක් 2022 ජූලි මස ලබා දීමට සී/ස කළුබෝවිටියාන තේ කර්මාන්තශාලා සමාගමට හැකි විය.

(Low-grown) CTC තේ සඳහා මෙම මුල්‍ය වර්ෂයේදී කොළඹ පැවති තේ වෙන්දේසිවලින් අඩකට වැඩි ප්‍රමාණයක වාර්තාගත මිලක් ලබාගනිමින් තේ කිලෝවක් රුපියල් 3,250/- ක උපරිම මිලකට විකිණීමට කළුබෝවිටියාන තේ කර්මාන්තශාලා සමාගම සමත් වූ බව එහි සභාපති අමින්ද රොද්‍රිගෝ මහතා කියා සිටියේය.

කළුබෝවිටියාන සීටීසි තේ කර්මාන්තශාලාව සමාගමේ ප්‍රධානතම තේ කර්මාන්තශාලාව වශයෙන් ඉතා උසස් ප්‍රමිතියෙන් යුත් ගුණාත්මක තේ සාඩම්බර ලාංකේය නිෂ්පාදනයක් ලෙසින් වෙළඳ පොළට නිකුත් කිරීමට ඉතා කැපවීමෙන් කටයුතු කරන තම සමාගමේ කාර්ය මණ්ඩලය මෙම ජයග්‍රහණයේ කොටස්කරුවන් වන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

වර්ෂ 1992 සැප්තැම්බර් මස 30 දින රජයට අනුබද්ධිත ආයතනයක් ලෙසින් ස්ථාපිත කරන ලද සී/ස කළුබෝවිටියාන තේ කර්මාන්තශාලා සමාගම යටතේ වර්තමානය වන විට ජාතික තේ නිෂ්පාදන ධාරිතාවයට සෘජු දායකත්වයක් ලබා දෙමින් තේ කර්මාන්තශාලා හතරක් පාලනය වේ. ඉන් ප්‍රධාන කර්මාන්තශාලාව වන කළුබෝවිටියාන සීටීසි තේ කර්මාන්තශාලාව විසින් මුහුදු මට්ටමේ සිට අඩි 2000 (මීටර 600) අතර උසකින් වගා කරන (Low-grown) CTC තේ වර්ගය නිපදවන අතර, අනෙකුත් කම්හල් ත්‍රිත්වය විසින් Orthodox තේ වර්ගය නිපදවීම සිදු කෙරේ. මාතර දිස්ත්‍රික්කයේ කළුබෝවිටියාන සහ දැරංගල කර්මාන්තශාලාද ගාල්ල දිස්ත්‍රික්කයේ හිනිදුම හිල්ස් තේ කර්මාන්තශාලාවද මහනුවර දිස්ත්‍රික්කයේ මැණික්දිවෙල තේ කර්මාන්තශාලාවද පිහිටා ඇත.

Related posts
පුවත්

සෙලාන් බැංකුවේ ජංගම බැංකුකරණ යෙදවුම තවදුරටත් වැඩිදියුණු කෙරේ

සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන්…
Read more
පුවත්

පීපල්ස් ලීසිං සමාගම නැවත වරක් CMA Excellence in Integrated Reporting Awards 2022 හි ගෞරවනීය සම්මාන දෙකක් දිනාගනී

බැංකු නොවන මුදල් ආයතන (NBFI) ක්ෂේත්‍රයේ…
Read more
පුවත්

MAS Fabric Park සිය 16 වැනි සංවත්සරයට සමගාමීව තිරසාරභාවය, නවෝත්පාදන සහ සදාචාරාත්මක නිෂ්පාදන ප‍්‍රමිතීන් නැවතත් සනිටුහන් කරයි

ශ‍්‍රී ලංකාවේ පළමු, දෙවන සහ එකම…
Read more

Leave a Reply

Your email address will not be published. Required fields are marked *