පුවත්

වත්මන් ආර්ථික අර්බුදයෙන් පීඩාවට පත් ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට HNB රුපියල් මිලියන 10ක මුදලක් වෙන් කරයි

ශ‍්‍රී ලංකාවේ වඩාත්ම MSME හිතකාමී බැංකුව වන හැටන් නැෂනල් බැංකුව දැනට පවතින ආර්ථිකය නැවත නගා සිටුවීම සඳහා වන ඔවුන්ගේ සමාජ සත්කාර වැඩසටහනක් වන ‘ඔබ වෙනුවෙන් අපි’ හි තවත් එක් අදියරක් ලෙස රටේ දැනට උද්ගතව ඇති ආර්ථික අර්බුදයෙන් දැඩි ලෙස පීඩා විඳින ව්‍යවසායකයන්ට අතහිත දීම සඳහා යළිත් රුපියල් මිලියන 10 ක් මුදලක් වෙන් කිරීමට කටයුතු කළේය.

2020 දී කොවිඞ්-19 වසංගතය ආරම්භ වීමත් සමඟ දියත් කරන ලද මෙම වැඩසටහන මගින් දිවයින පුරා සිටින තෝරාගත් ව්‍යවසායකයන් 100 දෙනෙකුට ඔවුන්ගේ ප‍්‍රාග්ධන අවශ්‍යතා සඳහා රුපියල් ලක්ෂයක් බැගින් ලබා දෙනු ඇත. HNB නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී CTO/තිරසාර පදනමේ ප‍්‍රධානී එල්. චිරන්ති කුරේ, HNB පාරිභෝගික සේවා, කුඩා හා මධ්‍ය පරිමාණ බැංකු කටයුතු පිළිබඳ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, සන්ජේ විජේමාන්න, HNB සහකාර සාමාන්‍යාධිකාරී, ක්ෂුද්‍ර මූල්‍ය, විනෝද් ප‍්‍රනාන්දු, HNB සහකාර සාමාන්‍යාධිකාරී – SME, ඉන්ද්‍රවාසන් කයිලයිවාසන් සහ HNB අලෙවි අංශයේ ප‍්‍රධානී, උපුල් අදිකාරී යන මහත්ම මහත්මීන් මෙම ප‍්‍රදානය කිරීම සඳහා පැවති විශේෂ උත්සවයකට සහභාගී විය.

”MSMEs යනු ශ‍්‍රී ලංකා ආර්ථිකයේ කොඳු නාරටියයි. විවිධ කර්මාන්තවල රැකියා අවස්ථා ලබා දෙන ව්‍යවසායකයින් ලක්ෂ පහකට වැඩි සංඛ්‍යාවක් අප සතුව සිටිනවා. පළමුව වසංගතයෙන් ද දැන් ආර්ථික අර්බුද හේතුවෙන් ඔවුන්ට අත් විඳීමට සිදු වූ දුෂ්කරතාවලින් ඔවුන්ව ආරක්ෂා කිරීමත් ආධාර උපකාර කිරීමටත් හැකි වීම සැබවින්ම සාධාරණ යැයි අප විශ්වාස කරනවා. MSME සමඟ සමීපව වැඩ කිරීමේ දිගු ඉතිහාසයක් ඇති බැංකුවක් ලෙස, මෙවැනි දුෂ්කර කාලවලදී හැකි ඕනෑම ආකාරයකින් ඔවුන්ට අඛණ්ඩව සහයෝගය දැක්වීමට අප බලාපොරොත්තු වනවා.’’

2020 දී බැංකුව මෙහි පළමු අදියර යටතේ ක්ෂුද්‍ර මූල්‍ය ගනුදෙනුකරුවන් 117 දෙනෙකුට මූල්‍ය පහසුකම් සැපයූ අතර පසුව 2021 දී දෙවන අදියර යටතේ 83 දෙනෙකුට මූල්‍ය පහසුකම් සලසා ඇත. මෙම ව්‍යාපෘතියේ තුන්වන අදියර යටතේ, HNB මෙම වසරේදී ක්ෂුද්‍ර මූල්‍ය පාරිභෝගිකයින් 100 දෙනෙකුට මූල්‍ය පහසුකම් සලසනු ඇත.

HNB තිරසාර පදනම හරහා පිහිටුවන ලද මෙම අරමුදල මගින් දිවයින පුරා පිහිටි බැංකුවේ ශාඛා ජාලය සම්බන්ධ කර ගනිමින් එහි උපායමාර්ගික අංශ හරහා සමස්ත ආයතනික වගකීම මෙහෙය වනු ලබයි. මෙම පදනම මගින් අධ්‍යාපනය, සෞඛ්‍යය, ව්‍යවසායකත්ව සවිබල ගැන්වීම සහ පාරිසරික යන උපායමාර්ගික ක්ෂේත‍්‍ර හතර කෙරෙහි අවධානය යොමු කරයි.

1980 වසරේ සිට ශ්‍රී ලංකාවේ ව්‍යවසායකයින්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් ඔවුන් හා සමීපව කටයුතු කරන HNB මෙරට ග‍්‍රාමීය ආර්ථික සංවර්ධනය හා සමෘද්ධිමත් කිරීමේ නිශ්චිත අරමුණ සහිතව ක්ෂුද්‍ර මූල්‍ය, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක (MSME) ක්ෂේත‍්‍රයට ඇතුළු වූ පුද්ගලික අංශයේ පළමු වාණිජ බැංකුව වේ.

Related posts
පුවත්

SLT-MOBITEL Enterprise ‘Data One’ - ක්ෂුද්‍ර , කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරවලට කදිම බ්‍රෝඩ්බෑන්ඩ්  විසඳුමක්

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ…
Read more
අලූත් යමක්පුවත්

නැව් නියෝජිතසේවා, භාණ්ඩ ප්‍රවාහනය ක්ෂේත්‍රයේ නියාමනය සඳහා පැනවූ නව රෙගුලාසි මගින් අත්‍යාවශ්‍ය ආහාර ආනයනයකරුවන් කබලෙන් ලිපට

නැව් සමාගම් අත්තෝනොමතිකව අයකරනු ලබන…
Read more
පුවත්

‘IODEX සුවසහන’ ශ්‍රී පාදස්ථානයේ දහස් සංඛ්‍යාත බැතිමතුන්ගේ වේදනා සමනය කරයි

වේදනාව සමනය කිරීමේ විශේෂඥයා IODEX…
Read more

Leave a Reply

Your email address will not be published. Required fields are marked *