පුවත්

දුෂ්කරතා ඇති පවුල් 1000කට අධික සංඛ්‍යාවක් වෙත Daraz “Buy1Give1” අතහිත

ශ්‍රී ලංකාවේ අර්බුදකාරී වාතාවරණය හමුවේ දුෂ්කරතා ඇති ශ්‍රී ලාංකිකයන්ගේ එදිනෙදා අවශ්‍යතා සපුරාලීම සඳහා Daraz විසින් 2022 මැයි මාසයේදී දියත් කළ  “Buy1Give1” සමාජ සත්කාරක වැඩසටහන දීප ව්‍යාප්ත ආකාරයෙන් ක්‍රියාත්මක කිරිම උදෙසා Foundation of Goodness සමග පසුගියදා අත්වැල් බැඳගත්තේය. එදිනෙදා ආහාරපාන අවශ්‍යතාව වත් නිසි ආකාරයෙන් සපුරා ගැනීම දුෂ්කර වූ ශ්‍රී ලාංකිකයන් පිරිසකට යම් සහනයක් උදාකර දීම වෙනුවෙන් එකමුතු වන්නට කැමති Daraz පාරිභෝගිකයන්ට අවස්ථාවක් ලබාදෙමින් මෙම  “Buy1Give1” වැඩසටහන ක්‍රියාත්මක කෙරිණ.

Daraz Sri Lanka කළමනාකාර අධ්‍යක්ෂ රඛිල් ප්‍රනාන්දු මහතා මේ පිළිබඳ අදහස් දක්වමින් “ශ්‍රී ලාංකිකයන්ගේ සුබ සාධනය උදෙසා නොනවතින සමාජ මෙහෙවරක නියැලි Daraz කිසිදා නොසිතූ ආකාරයකට සමස්ථ ශ්‍රී ලංකාවම අර්බුද රැසකට මුහුණ දෙමින් සිටින මෙවැනි බැරෑරුම් අවස්ථාවකදීත් කළ හැකි හොඳම දේ කරන්නට වෙහෙසෙනවා. අප සමග එක්ව සිටින හිතවත් පාරිභෝගිකයන්ට කිසිදු ආකාරයකින් ඇවිටිලි කිරීමකින් හෝ බාධා කිරීමකින් තොරව, ඔවුන්ට අවශ්‍ය භාණ්ඩ මිලදී ගන්නා අතරතුරදීම ස්ව කැමැත්තෙන් දායකත්වය ලබාදිය හැකි ආකාරයේ වැඩසටහනක් ලෙස Buy1Give1 අප හඳුන්වා දුන්නා. අප එක් රැස් කළ භාණ්ඩ නිසි ක්‍රමවේදයක් යටතේ විශ්වාසනීය ආකාරයෙන් අවශ්‍යතා ඇති ශ්‍රී ලාංකික පවුල් වෙත ලබාදීමට සුදුසුම සංවිධානයක් වන Foundation of Goodness සමග අත් වැල් බැඳගැනීමට ලැබීම පිළිබඳ අප බෙහෙවින් සතුටට පත්වෙනවා.” යැයි පැවසීය.

Related posts
පුවත්

මිලියන 1.7ක වාර්තාගත පරිශීලකයින් සංඛ්‍යාවක් එයාර්ටෙල් ලංකා හි Freedom Packs වෙත මාරු වෙයි

එයාර්ටෙල් ලංකා හි පෙරළිකාර පෙරගෙවුම්…
Read more
පුවත්

Huawei සමාගම අවස්ථානුකූලව නිවැරදි තාක්ෂණය සොයා ගැනීමට උපකාරී වන නව්‍ය සේවා දියත් කරයි

බැංකොක් නුවර දී පැවති ‘HUAWEI CONNECT 2022&#8217…
Read more
පුවත්

Binance සමාගම සිය ගෝලීය නීති පද්ධතිය බලාත්මක කිරීම ඉහළ නංවයි

ලොව විශාලතම ක්‍රිප්ටෝ මුදල් හුවමාරු…
Read more

Leave a Reply

Your email address will not be published.