ජීවිතයධනය

ව්‍යවසායක ඔබ තුළ ව්‍යවසායක මනසක් ඇති කරගැනීමේ වැදගත්කම

බුදුරජාණන් වහන්සේ ද දේශනා කළ පරිදි අපගේ හැසිරීමට බලපාන ප්‍රධානතම සාධකය අපගේ මනසයි. අප මනස තුළ ගොඩනැගෙන සිතුවිලි, විශ්වාස, වටිනාකම්,

ආකල්ප අපගේ හැසිරීමට, අප කරන කියන දේට සෘජුවම බලපායි. ග්‍රාමීන් බැංකු සංකල්පය මගින් බංග්ලාදේශය තුළ කාන්තා ව්‍යවසායිකාවන් සවිබලගැන්වීමේ

මහා විප්ලවයක් කළ මොහොමඩ් යූනුස් වරක් සඳහන් කළේ “මිනිසුන් සිතන ආකාරය වෙනස් කිරීම තමයි මගේ දුෂ්කරම අභියෝගය” ලෙසයි.
ඇතැම් පුද්ගලයන් තුළ ස්ථිර මානසික සිතුවිලි (fixed mindset)පවතින අතර ඇතැම් පුද්ගලයන් තුළ වර්ධනය වීමේ අවශ්‍යතාවය සහිත සිතුවිලි පවතී

(growth mindset). අපි මුලින්ම ස්ථාවර සිතුවිලි සහිත මනසක් පවතින පුද්ගලයන් පිළිබඳව සලකා බලමු. මොවුන් අපට පහසුවෙන් හඳුනාගත

හැකිය. තමන්ට උපතින් ලැබී ඇති බුද්ධිය, සිතීමේ හැකියාව හෝ කිසියම් දක්ෂතාවයන් ස්ථාවර ලක්ෂණයන් ලෙස ඔවුන් සලකයි. ඔවුන් තමන්ට ලැබී ඇති

බුද්ධිය හෝ හැකියාවන් භාවිතා කරමින් කාලය ගතකරන අතර ඒවා සංවර්ධනය කරගැනීමට ආයාසයක් නොදරයි. තමා සතුව දැනට පවත්නා දක්ෂතාවය

තමන්ගේ ජයග්‍රහණය සඳහා ප්‍රමාණවත් බව ඔවුන් විශ්වාස කරයි.
මෙවැනි පුද්ගලයන් සතුව පවතින සෘණාත්මක සිතුවිලිවලට උදාහරණ ලෙස;
“මම අසමත් වුණේ මම අදක්ෂ හින්දා”
“මට ඒක පුලු‍වන්නම් පුලු‍වන්, බැරිනම් බැහැ”
“මට එපා වුනොත් මං වැඩේ අතෑරල දානවා”
“මං වැඩ කරන්නේ මං දන්න විදියට”
“මට කාගෙවත් උපදෙස් උවමනා නෑ. මම කරන්නේ මට ඕනේ එක”
ඔබගේ එදිනෙදා ජීවිතයේ දී මෙවැනි සිතිවිලි පිරුණු සෘණාත්මක මිනිසුන් අනන්තවත් මුණ ගැසෙන්ට ඇති.

දැන් අපි සලකා බලමු වර්ධනීය මානසික සිතිවිලිවලින් යුතු (growth mind set)පුද්ගලයන් පිළිබඳව

මහාචාර්ය බී. නිශාන්ත
PhD (Japan), MBA (Col), B.Com (SP) Hons.(Col) කොළඹ විශ්ව විද්‍යාලය

Related posts
අලූත් යමක්ජීවිතයපුවත්

ආයතනික බදු 25%කින් වැඩිවීම ඇඟලූම් කර්මාන්තයේ වර්ධනයට බාධාවක්

මහලේකම්, යොහාන් ලෝරන්ස් මහතා ශ‍්‍ර…
Read more
ජීවිතයපුවත්

අවින්‍යා පදනම ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඇති විෂමතා ඉවත් කිරීමට පුහුණු ව්‍යාපෘතියක් හදුන්වාදෙයි

ශ්‍රී ලංකාව පදනම් කරගත් ලාභ නොලබන…
Read more
ජීවිතයපුවත්

ADB SMELoC හදිසි ප‍්‍රතිචාර යෝජනා ක‍්‍රමය හරහා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට HNB වෙතින් කාරක ප‍්‍රාග්ධන ණය පහසුකම්

ආසියානු සංවර්ධන බැංකුව (ADB) විසින් සුළු…
Read more

Leave a Reply

Your email address will not be published. Required fields are marked *